ලස්සන වෙන්න කැමති අයට ? කියවන්න
Monday, 05 December 2022 - 11:53 | Views - 1,489

ඔලිව් තෙල් කියන්නේ පෝෂණීය සංඝටක රැසක්ම අඩංගු සිරුරට ගුණදායී තෙල් වර්ගයකි. එනිසාම බොහෝමයක් ආහාර වර්ග පිසීමේදී එය භාවිතයට ගනියි. එසේම ඔබගේ හිස කෙස් සහ සම මත ඇතිවන රූපලාවණ්‍ය ගැටලු සඳහාත් ඉතාම හොඳ ඔෟෂධයකි. අද අපි ඔබ වෙතට ගෙන එන්නේ බොහෝ දෙනකුට ඇතිවන රූපලාවණ්‍ය ගැටලු සඳහා ඔලිව් තෙල්වලින් කරගත හැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි.

දිලිසෙන කෙස් කලඹකට

ඔබගේ වියළි සහ පලුදු වූ හිසකෙස්වලට සුසිනිඳු දිදුලන බවක් ලබා ගැනීමට ඔලිව් තෙල් ස්වල්පයක් ඔබගේ අත්ලට ගෙන හිසකෙස් මත සහ හිස් කබලේ සියුම්ව ආලේප කොට ස්වල්ප වේලාවක් හිස පිරිමදින්න.

දිදුලන සමකට

කපු පුළුන් ස්වල්පයක් ඔලිව් තෙල් මේස හැන්දක ප්‍රමාණයක ගිල්වා ස්වල්ප වේලාවක් තබන්න. ඔබ මේකප් කළ පසුව ඒ මත සියුම් ඔලිව් ඔයිල්වල ගිල්වූ කපු පුළුන් කැබැල්ල මඟින් ඔලිව් තෙල් සියුම්ව තවරන්න. එමඟින් සම පෝෂණය කරනවා මෙන්ම තෙතමනයද ආරක්‍ෂා කරයි.

සම ඇදීමට ලක්වීම නිසා ඇතිවන කැළැල් මකා ගැනීමට

එම කැළැල් ඇති ස්ථාන ඔලිව් ඔයිල් මඟින් සතියකට තෙවරක් හොඳින් සම්බාහනය කරන්න. මෙමඟින් ඇදෙනසුලු බව වර්ධනය කරයි.

සුසිනිඳු පාද යුගලකට

පාදවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙර පාදවල ඔලිව් ඔයිල් ආලේප කරන්න. විශේෂයෙන්ම රේසර් ආදී උපකරණවලින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී පාදවල සමට හානි වීම සහ කැළැල් ඇතිවීම වළක්වයි.

නියපොතු වර්ධනය වීමට

ඔබගේ නියපොතුවල ඇති කියුටිකල් එක (නියමහ) නිරෝගී කිරීමට සහ එහි වර්ධනයට ඔලිව් තෙල් උපකාරී වේ. සතියකට වරක් ඔලිව් ඔයිල්වල නියපොතු බහා විනාඩි 10ක් පොඟවා ගන්න.

මෘදු තොල් සඟලකට

ඔලිව් තෙල් මේස හැන්දකට තරමක රළු සීනි ස්වල්පයක් මිශ්‍ර කොට දෙතොල් මත ආලේප කරන්න. එමඟින් වියළීම නිසා ඉරිතැළුණු සහ පැළුණු දෙතොල් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරයි.


- දිනූෂා මනෝරි නිශ්ශංක
- උපුටා ගැනීමකි.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top