2023 දී විදුලි ඒකකයක මිල රුපියල් 56 දක්වා ඉහළට
Monday, 05 December 2022 - 11:43 | Views - 2,466
2023 වසරේ අඛණ්ඩ විදුලිය සැපයීමට නම් එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90ක් වැය වනු ඇතැයි ලංවිම ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, "මගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90ක නිෂ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු" බවයි.

එසේ ම ලංවිම බිල්පත් දත්තවලට අනුව ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවත්, දැනට ඒකකයක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14ක් අය කරන නමුත් රුපියල් බිලියන 423.5ක හිඟ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු බවයි.

තව ද, ඒකක 0-30 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 8ක් බවත් 30-60 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,683,172ක් සිටින බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 10ක් බවත් පවසනවා.

මේ අතර ඒකක 60-90 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,702,515ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 16ක් බවත්, ඒකක 90-180 ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයින් 1,559,131ක් සිටින බවත් එම කාණ්ඩයේ ඒකකයකට රු.50ක් අය කරනු ලබන බවත් පවසනවා.

එසේ ම ඒකක 180ට වඩා භාවිත කරන පාරිභෝගිකයින් 303,928ක් සිටින අතර ඒකකයකට රුපියල් 75ක් අය කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, පහළ ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දෙන අතර ඉහළ ස්ථරය සහනාධාරයේ කොටසක් සඳහා වන්දි වශයෙන් සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවීමට සිදුව ඇති බවත් ඉතිරිය සහනාධාර වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව‍යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top