පූජනීය ස්ථානවලට දුරකථන රැගෙන යාමට තහනමක්
Saturday, 03 December 2022 - 15:35 | Views - 3,919
පූජනීය ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් ඉන්දියාවේ තමිල්නාඩු අධිකරණයක් විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ කෝවිලක ඇතිවූ ගැටළුවක් මුල් කරගනිමින් පැවති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
ආගමික ස්ථානවල පූජනීය භාවය රැකගැනීම සහ වන්දනාකරුවන්ට සිදුවන බාධාවන් මගහරවා ගැනීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන්.
ජංගම දුරකථන රඳවා තැබීම සඳහා පූජනීය ස්ථානවලට ප්රවේශ වන ස්ථානයේ වෙනම රඳවනයක් ස්ථාපිත කර එහි ආරක්ෂක නිලධාරියෙකු යෙදවීමට ද අධිකරණය නියෝග කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
Share This Article