ගෙවුණු මාස දහයේ සමාජ මාධ්‍යයේ මොකද වුණේ ? නටපු නාඩගම් එළියට
Friday, 02 December 2022 - 16:53 | Views - 6,941
සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් 12000ක්, මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරනවා.

රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදය ට එක්වෙමින්.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්, මෙලෙස සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් වාර්තා වී ඇතිබව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඩිජිටල්කරණය සමඟ මෙවැනි සිද්ධි පාලනය කර ගැනීම තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් මෙන් ම දෙමාපියන්ගේද වගකීම බව ද මෙහිදී පෙන්වා දුන්නා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම දැන් ආරම්භ කර තිබෙන බව පැවසූ රාජ්‍ය ආමාත්‍යවරයා කියා සිටියේ, උසස් පෙළ අසමත් වන සිසුන් තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපනය සඳහා යොමු කරවීම තම වගකීමක් බවයි.

එමෙන්ම ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් රැකියා වෙළඳපොල ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ විෂය, පාසල් හා උසස් අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශවලට ඇතුළත් විය යුතු බවට යෝජනා කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, විශේෂයෙන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණු පාඨමාලා ව්‍යප්ත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

මෙහි මූලික පියවරක් ලෙස ලබන 06 වෙනිදා තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේ දී තරුණ තරුණියන් 200 ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරිමට නියමිත බවත්, මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 20000 ක් පමණ රට තුළ පවතින බවත්, එය කඩිනමින් සම්පූර්ණ කර ගැනීම තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රධාන අභිලාෂයක් බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top