අවුරුදු 18ත්, 29ත් අතර තරුණ ඔබ ගැන හෙළිදරව්වක් ? සියයට 56.8 ක් රටින් යන්න කැමතියි..
Friday, 02 December 2022 - 12:00 | Views - 698
ආර්ථික අර්බුදයෙන් පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් 60.5%ක ප්‍රතිශතයක් එකඟතාවය පළ කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඔක්තෝම්බර් 21 වැනි දා සිට 31 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 25ක පුද්ගලයින් දහසක නියැදියක් යොදා ගනිමින් අදාළ සමීක්ෂණය සිදු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින්.

එහිදී අදාළ සමීක්ෂණයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පිළිබඳව 60.5% ක පිරිසක් එකඟතාව පළ කර ඇති අතර, එලෙස කැමැත්ත පළ කළ බහුතරය වයස අවුරුදු 18ත්, 29ත් අතර තරුණ පිරිස් බව සඳහන්.

එමෙන්ම, 24% ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, මෙරට ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුම් ලබාගත හැකි බවට යම්තාක් දුරකට විශ්වාසය පළ කරන පිරිස 55.3%ක් වන අතර, එසේ විසඳුම් ලබාගත හැකි බවට විශ්වාස නොකරන සංඛ්‍යාව 22.6% ක්.

මේ අතර, සියයට 56.8 රට තුළ පවතින තත්ත්වය හමුවේ විදේශ ගතවීම හෝ වෙනත් රටක ජීවත්වීම සඳහා අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්තෙන් පසුවන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අවුරුදු 18 ත්, 29 ත් අතර වයසේ පසුවන පිරිසෙන් 77.2% ක් එලෙස ප්‍රකාශ කර ඇති අතර, අවුරුදු 30ට වැඩි පිරිසෙන් 45.4%ක් එලෙස විදේශගත වීමට කැමැත්තෙන් පසු වන බවයි සඳහන් කර ඇත්තේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top