තුන්වන වාරය ලබන 05 වනදා ඇරඹේ - ඉදිරි පාසල් කාලසටහන මෙන්න
Friday, 02 December 2022 - 10:24 | Views - 6,575
2022 වර්ෂයේ තුන්වන පාසල් වාරය ලබන 05 වන සඳුදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනක් යටතේයි.
ඒ අනුව, එහි පළමු අදියර 05 වන සඳුදා සිට ලබන 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙනු ලබනවා.
එසේම, දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමට නියමිත අතර, ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙනු ලබනවා.
කෙසේ වෙතත්, එම නිවාඩු කාලය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඉන් පසුව තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදා යි.


Share This Article