ආදායම් බදු වාර්තා ගොනු කිරීමට සමාගම් සඳහා සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
නොවැම්බර් 30 වන දින හෝ එදිනට පෙර අදාළ ආදායම් බදු වාර්තා ගොනුකළ යුතු යි.
කෙසේ වෙතත් මෘදුකාංග දෝෂයක් නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ එම ලිපි ගොනු භාරගැනීමේ තදබදයක් උද්ගතව තිබෙනවා.
මෙම තත්ත්වය මත ප්‍රමාදවීම් සිදු විය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.
ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින්.