යළි ඉහළ දුවන්නට විදුලියට කැබිනට් අනුමැතිය
Thursday, 01 December 2022 - 9:59 | Views - 482
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වුණා.

විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලිබිල සියයට 70 කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය සඳහා අදාල කටයුතු සිදුකිරීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න එහිදී සඳහන් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top