වීසා ගාස්තු අද සිට ඉහළට
Thursday, 01 December 2022 - 9:37 | Views - 551
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තුව රුපියල් 345,000 සිට ඇමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා ඇති බවයි.

එය රුපියල් හත් ලක්ෂය ඉක්ම වූ අගයක්.

එමෙන්ම, පුරවැසි පනත යටතේ නිකුත් කරන සහතික වල පිටපත් ගාස්තුව ද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති අතර නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය වීසා වැඩසටහන යටතේ වීසා නිකුත් කිරීම ඇමෙරිකන් ඩොලර් 200 දක්වා වැඩි කළ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතර ව, තවත් කාණ්ඩ කිහිපයක වීසා ගාස්තු ඉහළ නංවා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top