විදුලි කප්පාදුවේ අලුත්ම තීරණය
Thursday, 01 December 2022 - 9:26 | Views - 509
මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 01 සහ 02 යන දෙදින තුළ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා දී තිබෙනවා.

ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට යි මෙම විදුලි විසන්ධි වීම සිදු වන්නේ.

ඒ අනුව දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.

මේ අතර, විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම එකිනෙකට වෙනස් මතවාද ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, අද (01) මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කරන බවයි.

මෙම ගැටලුව යළි කරළියට පැමිණෙන්නේ ලබන වසරේ ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවට විදුලිබල මණ්ඩලය සිදුකළ ප්‍රකාශයත් සමඟයි.

ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top