විදුලි කප්පාදුවේ අලුත්ම තීරණය
Thursday, 01 December 2022 - 9:26 | Views - 510

මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 01 සහ 02 යන දෙදින තුළ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා දී තිබෙනවා.
ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට යි මෙම විදුලි විසන්ධි වීම සිදු වන්නේ.
ඒ අනුව දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.
මේ අතර, විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම එකිනෙකට වෙනස් මතවාද ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, අද (01) මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කරන බවයි.
මෙම ගැටලුව යළි කරළියට පැමිණෙන්නේ ලබන වසරේ ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවට විදුලිබල මණ්ඩලය සිදුකළ ප්‍රකාශයත් සමඟයි.
ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article