ඔය කොයි කවුරුත් දන්න බස් එකේ ජැක් ගැහිල්ල ගැන තමයි ඒ. බස් ජැක් එක කිව්වම මැකෑනික්ට මතක් වෙන මැකනිකල් ජැක් එකක් නෙවෙයි. හැබැයි කාන්තාවන්ට හා පිරිමින්ට බස් ඇතුළෙ සිද්ධ වෙන හිංසනය ගැන.
මේ බස් ජැක් එකට නිතරම බස්වල යන එන අය ජැක්කාරයෙක් විධියට හෝ වින්දිතයෙක් විධියට මූණදෙන අවස්ථා ගණනාවක් එදිනෙදා සිද්ධවෙමින් පවතිනවා. මම මුලින්ම බස් ජැක් එකකට ගොදුරු වෙන්නෙ ඒලෙවල් කරනකොට. ඒ වෙනකන් මම නිතරම බස්වල ගිය උන්දෙක් නෙවෙයි. හැබැයි ඒලෙවල් කරනකොට තනියෙන් යන්න එන්න අවසරේ හම්බෙනකොට ඉතිං මම බස්වල නිතරම වගේ ගමන් කළා. ඔය අතරෙදී තමයි මම පළමුවැනි වතාවට බස් ජැක් එකකට මූණ දෙන්නෙ. මගේ පළමුවැනි අත්දැකීම නිසා මට ඒ මනුස්සයාගෙ මූණ පවා අදටත් තදින්ම මතකයි. ඉස්කෝලෙ එකයි තිහට ඉවර වුණාම දෙකයි දහයෙ ට්‍රේන් එකට ස්ටේෂන් එකට යන්න ළමයි බස්වල හරි කලබලෙන් පොරකනවා.
එතැනින් කෙනෙක් තමයි මමත්. සමහර වෙලාවට හිටගන්නවත් ඉඩක් නැති වුණත් බස් එකට නඟින්නෙ දෙකයි දහය මිස් වුණොත් තව පැය භාගයක් යනකන් ට්‍රේන් එකක් නැති නිසා. බස් එකට නැඟලා ඉතින් තෙරපි තෙරපි ඉන්දැද්දි තමයි තට්ට අංකල් කෙනෙක් මගෙ පිටිපස්සෙන් හිටගත්තෙ. මිනිස්සු එකා එකා තෙරපෙන අස්සෙ ඒ මනුස්සයත් මගෙ ඇඟටම හේත්තු වෙනවා. ටිකක් වෙලා යනකන් ඇත්තටම තෙරපෙනවද මූ හිතලම ඇතිල්ලෙනවද කියල හිතාගන්න බෑ. පස්සෙ මීටර් වුණේ උන්දැ මගෙ ඉණෙනුත් අල්ලගෙන යුනිෆෝම් එක දණහිස ළඟින් උස්සලත් එක්කය කියලා. අතක් පයක් හොලවගන්න බැරි වුණාට මම ටිකක් තදින් කතා කළා.
“අංකල් ගෑනුු එක්ක කරන්න තියෙන ඒවා ළමයි එක්ක කරන්නෙපා.”
ඔච්චරයි කිව්වෙ මුළු බස් එකම මගෙ දිහා කන්න වගේ බලන් හිටියා. කොන්ෙදාස්තර අයියා ඇවිත්, ඇයි නංගි මොකද්ද ප්‍රශ්නෙ කියලා ඇහුවට එතැනින් එහා මම මුකුත් නොකියා හිටියා. ගහමරාගන්න ගත්තොත් මට දෙකයි දහය මිස් වෙන්න තිබ්බා කියලා හිතුණද? ඒ නැත්තම් පළමුවැනි වතාව නිසා මට බය හිතුණද කියල තාම හිතාගන්න බෑ.
ඒ අවුරුදු කිහිපෙකටම ඉස්සරින්. හැබැයි දැන් මම යන යන ගමනට ඇඳන් යන ඇඳුමෙ කනපිට පැත්තෙ සාරි අඳිනකොට ගහන කටුවක් ගහන් යනවා. ඇතිල්ලෙන ඇතිල්ලෙන එකාට අනින්න. මේක කියනකොටයි තව දෙයක් කියන්න ඕන කියලා කල්පනා වුණේ, ඔතැනදි හරියටම අදාළ පුද්ගලයා තමන්ගෙ ඇඟට අයුතු විධියට හිතාමතාම ඇලෙන්න ගැලෙන්න හදනවද කියලා හොඳට තේරුම් අරන් ඉන්න ඕනෑ. ඒ ඇරෙන්න අතක් වැදෙන, කකුලක් පෑගෙන එකා ගානෙ කටුවලින් අනින්න යන්න එපා. පොලිසි උසාවි ගාණෙ ඉන්න තමා වෙන්නෙ අන්තිමට.
ඔය ජැක් සීන් එක මගෙ පළමුවැනි අත්දැකීම කොයිතරම් ලොකු පීඩනයක් ඇති කරලා තිබ්බද කිව්වොත් ටික කාලයක් යනකන් මම බස්වල ගියෙ නෑ. දෙකයි දහයෙ ට්‍රේන් එක අල්ලන්න මම ඉස්කෝලෙ ගාව ඉඳන් ස්ටේෂන් එකට දුවන එක තමා කළේ. ඉන් පස්සෙ මට ඒ තරම්ම ලොකු බලපෑමක් හිතට දනවනවා සෙක්ස් එඩියුකේෂන් කතා මාලාවෙ හිටිය ගෑනු ළමයට බස් එකේ හිටිය කොල්ලා ජැක් එකක් ගහපු එක. ඒ ගෑනු ළමයා ඉන් පස්සෙ දිගින් දිගටම කනකොට, බොනකොට, නානකොට පවා ඒ ගැන හිතන්න ගන්නවා. තමන්ගෙ සහකාරයා එක්ක එකතුවෙනකොට පවා බස් ජැක් එක මතක් වෙන තරමටම ඒ ගෑනු ළමයා මානසික පීඩනයකට ලක් වෙනවා. ඔය සිද්ධිය, මට සහ මගේ යහළුවන්ට වුණ සිද්ධි ගණනාවක් අපි විවෘතව කතා බහ කරන්න පටන් ගන්නවා. එතැනදී මගේ ඔළුව ඇතුළෙ යම්කිසි අදහස් කිහිපයක්ම බොහොම තීව්රව සටහන් වෙනවා.
බස් ජැක් එකට මූණ දෙන අය
බස් ජැකට මූණ දෙන කට්ටිය ගැන කතා කළාම බහුතරයක් ගැහැනු උදවිය මේ වැඩේ ප්‍රතික්ෂේප කරනවා. ගොඩක් වෙලාවට ට්‍රේන් එකේ, බස් එකේ තමන් හිටන් ඉන්න තැනින් අහකට යනවා. වීඩියෝ කරනවා. කෙළින්ම ගේම ඉල්ලනවා. ඔන්න ඔය වගේ දේවල්වලින් තමන්ගෙ අකැමැත්ත ප්‍රකාශ කරනවා. ජැක වදින පිරිමි පාර්ශ්වයත් එමමයි. අකැමැති නම් සට පට ගාලා ඉන්න තැනින් මිස් වෙනවා.
තව කොටසක් ඉන්නවා ජැක් වදිනවට හිතින් අකැමැති වුණාට ජැක්කාරයට යට වෙන පිරිසක්. ජැක්කාරයා සියල්ල කරලා යනකන් අකැමැති වුණත් කිසිම දෙයක් නොකියා කටවහන් බලාගෙන ඉන්නවා. මම ඔබට පොඩි යෝජනාවක් කරනවා ඇත්තටම ඔයා අකැමැත්තෙන් එහෙම ඉන්න වෙලාවට ඔයා හිතන්න ඔයාගෙ දුව, පුතා හෝ අම්මා ඔය තැන හිටියා නම් ඔයා නිහඬව ඉන්නවද කියන එක. මගෙ උත්තරය නම් නෑ, කිසිසේත්ම නෑ කියන එක. අත පුරෝලා කනට දෙන්න පුළුවන් වගේ හැඟීමක් ඔයාට එනවා නම් කරුණාකරලා ඔයා වෙනුවෙන් හඬක් නඟන්න. එතැනින් ඉවත් වෙන්න උත්සාහ කරන්න.
ඊළඟ උදවිය තමයි ජැක් මාමලට අයියලට ෆුල් සපෝට් කරන කට්ටිය. එහෙම ගැහැනු සහ පිරිමි කොටසකුත් මේ සමාජය තුළ ඉන්නවා. ඉතින් එතැනදී මගෙ අදහස සරලවම මෙච්චරයි “තොපිට හොඳ නම් අපිට මොකද?”
අයියලට වඩා නාකි අංකල්ල ජැක් එක්ස්පර්ට් වෙලා
මෙතැනදී ගොඩක් වෙලාවට තරුණ කොල්ලොන්ට වඩා වැඩිහිටි අංකල්ලා තමයි ජැක් ගහන්න පෙලඹෙන්නෙ. මේ කාරණාව යම් තාක් දුරකට ගැඹුරින් කතා කළ යුතුයි කියලා මම හිතනවා. ගැහැනු කෙනෙක්ගෙ වයස දළ වශයෙන් අවුරුදු හතළිස් පහට ආසන්න වුණාම ආර්තවය එහෙම නැත්තන්, මෙන්සස් වෙන එක නතර වෙනවා. එතැනදී ගැහැනු උදවියගෙ ලිංගික ආශා එම වයසේම පිරිමි උදවියට වඩා පහළ යන බව සඳහන් වෙනවා. ඒ වුණාට අංකල්ල ලිංගිකව සක්‍රිය පුද්ගලයන් විධියටම ඉන්නවා. ඔතැනදී ඔය අංකල්ලගෙ ඇන්ටිලාට අංකල්ලගෙ කායික අවශ්‍යතා සහ ආශා සංතෘප්ත කරන්න වුවමනාවක් සහ හැකියාවක් ඇති නොවුණම අංකල්ලට බස් එකේදි හම්බෙන කෙල්ලො ලොකු අවස්ථාවක් සලසනවා එයාලගෙ ආශා සම්පූර්ණ කරගන්න.
මෙතැනදී ජැක් ගහන අයියලත් ඉන්නවා. “තරුණ මදයෙන් ඔද වැඩුණම බස් එක වුවද සුර ලොවකී කියලා දකින ගෑනු කෙනාගෙ ඇඟේ ඇතිල්ලෙනවා.”
කළුවරේ කිටි කිටියෙ තදියමේ වදින ජැක්
ඔෆිස් ටයිම් එකේ බස්වල රෑට පිරිමි වගේම ගෑනුත් ඉන්නවා. ගොඩක් දුරට හිටන් යන්නෙ පිරිමි අෑයො. මේ වෙලාවට ගැහැනු කෙනෙක් හිටන් ගියොත් ජැක් එකක් වදිනෙක අතිශය සාමාන්‍යයි. ඉතිං සෙනඟ පිරිලා ඉතිරුණු බස් එකේ නොනැඟ ඉන්න එක ඔයාගෙ ඇඟට ගුණයි. නයි ඇඟේ දාගෙන කනවො කනවෝ කියලා කෑ ගහන්නෙපා කියලා කතාවකුත් තියෙනවනෙ. මම පෞද්ගලිකව කරන්නෙත් සෙනඟ ගොඩක් ඉන්න බස්වලට නඟින්නෙ නැතිව ඉන්න එක. කොයිතරම් පරක්කු වුණත් මට ජැක් එකකින් එල්ලවෙන පීඩනය සහ පිළිකුල් සහගත හැඟීම නිසා යම් තරමක හෝ සෙනඟ අඩු බස් එකක් එනකන් මම ඉවසනවා.
මෙතැනදී තව කාරණාවක්, ජැක්වලට තදින්ම විරුද්ධ කෙනෙක්ට වුණත් දැන් සෘජුවම බස් එක ප්‍රතික්ෂේප කරන්න අමාරුයි පවතින ආර්ථික ක්‍රමය නිසා. ඉස්කෝල ලිංගභේදෙන් වෙන් කළා වගේ බාලක කොටුව බස් එක, බාලිකා නුවර බස් එක කියලා වෙන් කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයිනෙ පොදු ප්‍රවාහනය කියන්නේ. ඔයා ජැක්වලට විරුද්ධයි කියලා පිරිමි නග්ග ගන්නෙ නැතිව ඔයාව විතරක් බස් එකේ දාගෙන යන්නත් බෑනෙ. ඒ නිසා කියන්න තියෙන්නෙ බස්වල යන්න හැබැයි පරිස්සමින්. අවස්ථානුකූලව ඊට විරුද්ධ වෙන්න හැකියාව ඔයාට තියෙනවා.
බස්වල යන හැමෝම පිරිමිම ජැක් ගහන්නෙ නෑ
සමහර මිනිස්සු හිතාන ඉන්නව බස් එකට නඟින නඟින මිනිහා ජැක් ගහනවා කියලා. ගොඩක් වෙලාවට ඔහොම හිතන්න පෙලඹෙන්නෙ ගැහැනු පාර්ශ්වය. කොන්ෙදාස්තර ටිකට් එක දෙනකොට ඇඟිල්ල අතේ වැදුණත් සමහර ඇන්ටිලාට ඒක ජැක් එකක් කියලා හිතෙනවා. මෙතැනදී ඇත්තටම අපි මානුෂීයව හිතන එක ගොඩක් වටිනවා. මොකද බස් එකක ෆුල් ලෝඩ් කරලා යනකොට ගෑනු සහ පිරිමි ඇඟේ නොගෑවී ඉන්න විධියක් නෑනෙ. ඉතිං බස් එකට නඟින හැම මනුස්සයාම ජැක් ගහනවා කියලා හිතන එක පුහු අදහසක්. ඉතිං එහෙමත් ඇඟේ වදිනවට අකැමැති ගැහැනු අයයි පිරිමි අයයි ඉන්නවා නම් වෙන ට්‍රාන්ස්පෝට් මෝඩ් එකකට මාරු වෙන එක තමයි හොඳ.
ජැක් ගහන උන්දැලාගෙ කැටගරි
ජැක් ගහන උන්දැලත් හරියට ජේලිවර්ග වගේමිදි ජෙලි, ස්ට්‍රෝබෙරි ජෙලි, ඇපල් ජෙලි වගේ වර්ග ගොඩක්ම ඉන්නවා. එතැනින් කිහිපදෙනෙක්ව සටහන් කරන්නම්. ඔයාට අනිවාර්යයෙන්ම මුණගැහිලත් ඇති මෙහෙම අය නම්.
කට්ටියක් ඉන්නවා මුලින්ම කරන්නෙ නිදාගන්න එක. නිදාගන්නවා කිව්වට නිදි වගේ ඇක්ට් කරලා එහාපැත්තෙ ගෑනු ළමයගෙ උරපත්ත බදාගෙන නිදියන ඉතින් එවේලෙට ගැහැනු ළමයි ලැජ්ජාවකට වහන් ඉන්නවා. සමහර ගැහැනු ඉන්නවා පිරිමින්ගෙ ඇඟේ නිදියන, සමහර වෙලාවට තමන්ටත් ආතල් නම් පිරිමි කටවහන් ඉන්නවා. නැත්නම් කටවහන් ඉන්නෙ ඒත් ලැජ්ජාවට.
තව කට්ටියක් ඉන්නවා අර ට්‍රේන්වල ඉන්න වඩේ වෙළෙන්ෙදා වගේ. විකුණන්නමයි කියලා හිතාගෙන වඩේ හදාගෙන බැදගෙන එන අය වගේ ජැක් එක ගහන්නමයි කියලා හිතාගෙන ෂිප් ඇරගෙන කකුල් පළල් කරගෙන බස්වලට, ට්‍රේන්වලට ගොඩවෙන. ගොඩවෙන්නෙම ජැකට ඉතින්.
තව කොටසක් ඉන්නවා ජැක් එක ගහලා මුකුත් කළේ නෑ වගේ හැසිරෙන. ගෑනුකෙනා කෑ ගැහුවම, ගොඩක් මිනිස්සු අතරෙ ජැක් එක ගහපු කෙනාව උන්දැත් පෙරළගෙන හොයන්න දඟලනවා.
තව කට්ටියක් ඉන්නවා ජැක් ගහන්න ගියාම, වදින කෙනා දීගෙන බන්න. එහෙම වෙලාවට ජැක් ගහන කෙනත් වදින කෙනත් දෙන්නම අමුතු ආශ්වාදයක් ලබාගන්නවා ඕනතරම් බස් අස්සෙ ට්‍රේන් අස්සෙ.
ආයෙ ඉන්නවා බස්සෙකේ බේ්‍රක් එකේ තාලෙට ඇඟට තද වෙන කොටසකුත්. මුං ඇත්තටම බේ්‍රක් එක නිසා තද වෙනවද නැත්තන් හිතාමතා ජැක් එකට තද වෙනවද කියලා සමහර වෙලාවට හිතාගන්නත් අමාරුයි.
ඔය විධියට එකේක වර්ගයේ ජැක් ගහන අය ඉන්නව ඉතිං හිතවතුනි. මෙතැනදි ජැක් එකකට විරුද්ධව ඔයාට කතා කරන්න පුළුවන්, නමුත් සාක්ෂියක් නැතිව නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න හරි අමාරුයි. ජැක් ගහන එක කවුරු හරි වීඩියෝ කරලා නම් ඒ කෙනාව පැහැදිලිව හඳුනගන්න පුළුවන් නම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පහසුයි. නමුත් අපැහැදිලි සාක්ෂි එක්ක ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න අපහසුයි. අද වෙනකොට ගොඩක් බස්වල සීසීටීවී සවි කරලා තියෙන නිසා ඒවගෙ තියෙන දර්ශන සාක්ෂි විධියට භාවිත කරන්න පුළුවන්.
අකැමැත්තෙන් ජැක් එකක් වදිනකොට කටපියාගෙන නොයින්න වගබලාගන්න ඕන ඔයාමයි.
මුලින්ම ජැක් එකට කැමැත්තෙන් දීගෙන ඉඳලා අන්තිමට “මේ කාලකණ්ණි නිසා බස් එකක යන්න බෑ” කියලා කෑ ගහන්නත් ඔට්ටු නෑ හිතවතුනි.
ගැහැනු සහ පිරිමි දෙගොල්ලොම බස් එකක යනකොට පරිස්සමින් යන්න දැනගන්න ඕනෑ වගේම තමන්ගෙ ආරක්ෂාව සලසගන්නෝනත් තමන්මයි. තමන්ට ලිංගික අඩන්තේට්ටමක්, අතවරයක් හෝ අපහරණයක් සිද්ධවෙන ඕනෑම වෙලාවක ඊට විරුද්ධ වෙන්න අයිතිය ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඔයාට තියෙනවා.
පවනි වාසනා