නිල් මැණිකක් වංචා කළ ව්‍යාජ SSP අත්අඩංගුවට
Thursday, 24 November 2022 - 13:15 | Views - 1,463

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ජනප්‍රිය නිළි මංජුලා කුමාරි සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් හවුලේ පවත්වාගෙන ගිය පතලකින් හමු වූ නිල් මැණිකක් සැකකරු විසින් වංචනික ලෙස රැගෙන යාමට උත්සහ කිරීමේ චෝදනාවක් හේතුවෙන්.
පසුගිය 22 වැනිදා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වංචා කළ බව කියන නිල් මැණික සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.
සැකකරු වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ඔහු ටෙලිනාට්‍ය කිහිපයකට සහය නළුවෙකු ලෙස රංගනයෙන් දායක වූ අයෙක් බවයි.
ජනප්‍රිය නිළි මංජුලා කුමාරි පතල් කැණීමට ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුම් අත්සන් කර තිබුණු අතර එහිදී නිළියගේ නියෝජිතයා ලෙස මෙම සැකකරු යොදවා තිබුණා.
පසුව ඔහු වවුනියාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වංචනික ලෙස හැසිරී ඇති බව ද වාර්තා වෙනවා.
කෙසේවෙතත් පතල පවත්වාගෙන ගිය අනෙක් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ, සැකකරු වංචනික ලෙස නිල් මැණික රැගෙන යාමට උත්සහ කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) දිනයේ දී නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි අද ජාතික පුවත්පක් වාර්තා කළේ.
Share This Article