විද්‍යා පීඨ ගුරුවරුන් - බඳවා ගැනීමේ වෙනසක්
Thursday, 24 November 2022 - 11:56 | Views - 1,311
මින් ඉදිරියට විද්‍යාපීඨවලින් අභ්‍යාසලාභී ගුරුවරුන් බිහිවීම වෙනුවට නව විශ්වවිද්‍යාලයක් ඇති කර ඉන් වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව සහිත ගුරුවරුන් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දැනට පවතින විද්‍යාපීඨ 19 ම එකතු කර ජාතික අධ්‍යාපන විද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක් පිහිටුවන බවයි.
ඒ හරහා වසර 4ක උපාධියක් සහ ගුරු පුහුණුවෙන් පසු ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරුන් පන්ති කාමරයට යවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article