සියල්ලන් බිය ගන්වමින් ගමන් මල්ලෙන් හමුවූ මළසිරුරේ භයානක හෙළිදරව්ව (Photos & Video)
Thursday, 24 November 2022 - 11:23 | Views - 976
පියා විසින් දියණිය ඝාතනය කරයි !
දියණිය සිය මවුපියන් ඝාතනය කරයි...

ඝාතන, ඇන කොටා ගැනීම් එමටයි...

එවන් තත්ත්වයක් තුළ තවත් අමානුෂික සිදුවීමක තොරතුරු...

මෙන්න මේ විදිහට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ, පියා විසින් තම දියණියව අමානුෂික ලෙස ඝාතනය කළ අතිසංවේදී ප්‍රවෘත්තියක්.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වනවා.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර ගමන් මල්ලක බහා උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණිය දිල්ලිහි විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව තරුණයෙකු හා විවාහ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තරුණියගේ කුලයට වඩා අදාළ තරුණයා කුලයෙන් පහත් වීම හේතුවෙන් තරුණියගේ පියා විසින් මෙම අමානුෂික ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.

ඝාතනයට ලක්ව ඇති තරුණියගේ සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ තරුණියගේ පපුවේ ස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව යි.

ඝාතනයට භාවිත කළ බවට සැකකෙරෙන ඇයගේ පියා සතුව තිබූ තුවක්කුවක්ද පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව මළ සිරුර ප්‍රවාහනය කිරීමට භාවිත කළ මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. 







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top