අභිමානවත් පොලිස් සේවයට නොමද සේවයක් කර නික්ම ගිය - හිරු නාලිකාවේ විකාශය වූ "හතේ කල්ලිය" ටෙලි නාට්‍ය හරහා රටක් ආදරය කළ ''ලිස්ටා '' (Photos)
Thursday, 24 November 2022 - 11:02 | Views - 1,745
අභිමානවත් පොලිස් සේවයට බැඳී විශිෂ්ට දස්කම් පා සාර්ථක වැටලීම් ‍( විශ මත්ද්‍රව්‍ය සම්බන්ධ ) රැසකට සහභාගී වී මුලු මහත් සමාජයටම අමිල සේවයක් සිදුකළ "ලිස්ටා" නම් නිල සුනඛයා ජීවිතයෙන් සමුගත් බව වාර්තා වෙනවා.

හිරු නාලිකාවේ විකාශය වූ "හතේ කල්ලිය" ටෙලි නාට්‍ය හරහා සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ඇය සියලුම දෙනාගේ ගෞරවය හා ආශිර්වාද‍ය මැද අවසන් ගමන් ගොස් තිබෙනවා.

අවුරුදු 5ක් ආයු වැළඳ ඇය කළ සේවය අපිරිමිතයි...

ලිස්‍ටාගෙ භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ගාල්ල පොලිස් නිලසුනඛ අංශයෙ චමිල ප්‍රසාද් මහතායි.

ලිස්ටාගේ වෙන්ව යාම ගැන සමාජ මාධ්‍යය පුරාම සංවේදී සටහන් දැකිය හැකි වුණා.

මේ ජනප්‍රිය රංගන ශිල්පිනි නිමන්ති පෝරගේ තැබූ සංවේදී සටහනයි...

"හතේ කල්ලියේ අපේ 'ලිස්ටා'
මිනිස්සුන්ට වඩා කෙලෙහිගුණ දන්න ,

තිරිසන් සතෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් හොඳ විනයක් තියෙන
අපේ ම දරුවෙක් වගේ හිටිය ඔයා යන්නම ගිහින් කියලා
ඔයාගෙ තාත්තා වගේ හිටිය
පොලිස් නිළධාරි චමිල ගෙන් දැනගත්තා.

මුලු රටටම විශාල සේවයක් කරපු
ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අති දක්ශයෙක් උන
"අපේ ලිස්ටා " ඒ මත්ද්‍රව්‍ය නිසාම
වකුගඩු වල ආසාදනයකින් ජීවිතයෙන් සමු ගත්තා...

අනේ "අපේ ලිස්ටා" කෙල්ල ඔයා මනුස්ස ආත්මයක් ලබන්න ඕනේ...

ඒත් මේ රටේ නෙමෙයි
ඔයාගෙ නිජබිම වන නෙදර්ලන්තයේ.

අපි ඔයාට හැමදාම ආදරෙයි
ඔයා හැමදාම අපේ මතකයේ ඉන්නවා...." 

May be an image of 11 people, people standing and outdoors





























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top