ප්‍රවාහනය ඩිජිටල් වෙන හැඩක්
Thursday, 24 November 2022 - 9:56 | Views - 9,589
දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු‍ ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා.

එම අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

ඊට මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර, මේ වනවිට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ පිළිබඳව ඒ ඒ පාර්ශවවල අදහස් ලබාගැනීම එහිදී සිදුකෙරුණා.

ඉන්ධන මිල ඉහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රීරෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිල සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ. එසේම, වාහන අමතර කොටස් හිගය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද එම නියෝජිතයින් පෙන්වා දුන්නා.

මෙහිදී මෙම සියලු‍ තත්ත්යන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු‍ ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අනුව, මෙම සියළු‍ යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, වත්තල, හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥාා කම්බි කපා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එම සිද්ධිය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top