අඹ ගැන ඔබ නොදන්න කතා
Wednesday, 23 November 2022 - 13:13 | Views - 2,912
අඹ ගැන නොදන්න කතා

ලෝකයේ තිබෙන මිලෙන් අධිකම අඹ වර්ගය “Miyazaki Mangoes” නමින් හැඳින්වේ. මෙම අඹ වර්ගයේ උපත ජපානයේ කියුෂු ප්‍රාන්තයේ මියාසාකි නගරයේ වුවත් වර්තමානයේ එය තායිලන්තය, ඉන්දියාව, පාකිස්තානය ආදී රටවලද බහුලව වගා කෙරේ. 2019 වසර වෙද්දී මියාසාකි අඹ ගෙඩි 02ක් රුපියල් ලක්‍ෂ 2.70කට වෙන්දේසි වී තිබුණි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ යුවළක් ආරක්‍ෂක භටයන් හා සුනඛයන් 12ක් යොදා ගනිමින් මේ වර්ගයේ අඹ ගසක් ආරක්‍ෂා කරනු ලබන බවටත් වාර්තා වෙනවා.


හදන රස කෑම

– අඹ චට්නි

– අඹ ජෑම්

– අඹ කෝඩියල්

– අඹ අච්චාරු

– අඹ දෝසි

– අඹ අයිස්ක්‍රීම්

– අඹ කේක්

අඹ ප්‍රභේද

– විලාඩ්

– කර්තකොලොම්බන්

– ගිරා අඹ

– දම්පර

– අම්බලාවි

– පීටර් පසාන්ඩි

Health benifits

– පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වළකා ගැනීම.

– ආමාශයේ ආබාධ සඳහා.

– පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීමට.

– රුධිරය ආශ්‍රිත නොයෙක් ආබාධයන් වළකා ගැනීමට.

– සමෙහි නිරෝගී බව ආරක්‍ෂා කර ගැනීමට.

– පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදීද භාවිත කරයි.

– රාත්‍රි අන්ධභාවය වළක්වා ගැනීම.

Beauty Tips

අඹ ෆේස් මාස්ක් හොඳින් පොඩි කරගත් ඉදුණු අඹ ගෙඩියකට ලෙමන් යුෂ තේ හැන්දක් මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. එම මිශ්‍රණය සමේ අඳුරු වූ හා අවපැහැ ගැන්වුණු ස්ථානවල ආලේප කර විනාඩි 20ක් තබා සීතල වතුරෙන් සෝදා හරින්න. අවපැහැ ගැන්වුණු සම ක්‍ෂණිකව පැහැපත් කරගත හැකිය.

Cutting Hacks

පලතුරු සලාදයකට ඉදුණු අඹ ගෙඩියක් ඉක්මනින් කපා ගැනීමට නම්, අඹ බීජය දෙපසින් කොටස් දෙකක් වෙන් කරගන්න. ඉන් අනතුරුව එම කොටස මත තිරස් අතට සහ සිරස් අතට කුඩා කැබැලි ලෙස පිහියකින් කපන්න. පසුව අඹ ලෙල්ල භාජනයේ ගැට්ට මත ගෙන යෑමෙන් පහසුවෙන් කොටස් වෙන් කර ගත හැකිය.

නදීරා හඳුගල
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top