ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්
Wednesday, 23 November 2022 - 11:42 | Views - 565
ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හදුනාගනිමින් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

මේ අනුව, මෙම වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ ලාදුරු රෝගීන් 124 දෙනෙකු හදුනාගෙන ඇති බව, කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිලංගී සුභසේකර සඳහන් කළා.

මෙම රෝගය බැක්ටීරියාවක් මාර්ගයෙන් කෙළ බිදිති මගින් බෝවන බැවින් රෝග තත්ත්වය සහිත අයෙකු අසල වැඩි කාලයක් ගැවසීම මත බෝවීම සිදුවන බවත් සම අවපැහැ ගැනීම සහ ගැටිති ඇතිවීම මෙන්ම වේදනා නොමැති කැළල් ඇතිවීමෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එකිනෙකා ආසන්නයේ ගත කිරීම පාසල් සිසු දරුවන් අතර සිදු වන බැවින් ඉහත පෙන්නුම් කළ සමෙහි රෝග ලක්ෂණ මතුවුවහොත් මව් පියන් අවධානය යොමු කොට සමේ රෝග වෛද්‍යවරකු වෙත යොමු කළ යුතු බවද ඇය පෙන්වා දෙනු ලැබු අතර දිවයිනෙහි හදුනාගෙන ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 13 ක් පමණ පාසල් සිසු දරුවන් බව පෙනී ගොස් ඇති බවත් සදහන් වුණා.

මෙම රෝග තත්ත්වයට පාත්‍ර වූවන්ගෙන් කලක් ගොස් බෝවීමක් සිදුවිය හැකි බැවින් 2017 වර්යේදී ලාදුරු රෝගීන් ලෙස හදුනාගෙන ප්‍රතිකාර ලැබූවන්ගේ ළඟම ආශ්‍රිතයින්ගේ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීමට මේ දිනවල ජාතික වශයෙන් පියවර ගෙන තිබෙනවා. 

( උපුටා ගැනීම - ලංකාදීප )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top