විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් අංශය මඟින් ඉටු කරනු ලබන කොන්සල් කාර්යන් සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධන සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර අවසන්.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් අංශය මගින් සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටු කරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තු රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සනාථ බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1500 යේ සිට රුපියල් 3000 දක්වාත් ඉහල දමා තිබෙනවා.
එමෙන්ම, අපනයන කටයුතු ඉටු කිරීම සඳහා නිකුත් කරන ඕනෑම ලේඛනයක් රුපියල් 6000 සිට 8000 දක්වාත් වෙනත් ලේඛන සඳහා අය කර ගාස්තුව රුපියල් 800 සිට රුපියල් 1200 දක්වාත් ඉහල දමා ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව, විදේශ රටවල පිහිටි ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මඟින් ඉලොක්ට්‍රොනික් ලේඛන සහතික කිරිමේ ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට ඉහල දමා තිබෙනවා.
උප්පැන්න සහකියක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු, විවාහ ලියාපදිංචි ගාස්තු මෙන්ම ලේඛනවල නීත්‍යානුකූලභාවය සනාථ කිරීමේ ගාස්තු ද ඉහල දමා ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.