කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය වෙයි
Wednesday, 23 November 2022 - 11:03 | Views - 1,135
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් අංශය මඟින් ඉටු කරනු ලබන කොන්සල් කාර්යන් සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධන සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර අවසන්.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් අංශය මගින් සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටු කරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තු රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සනාථ බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1500 යේ සිට රුපියල් 3000 දක්වාත් ඉහල දමා තිබෙනවා.

එමෙන්ම, අපනයන කටයුතු ඉටු කිරීම සඳහා නිකුත් කරන ඕනෑම ලේඛනයක් රුපියල් 6000 සිට 8000 දක්වාත් වෙනත් ලේඛන සඳහා අය කර ගාස්තුව රුපියල් 800 සිට රුපියල් 1200 දක්වාත් ඉහල දමා ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අමතරව, විදේශ රටවල පිහිටි ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මඟින් ඉලොක්ට්‍රොනික් ලේඛන සහතික කිරිමේ ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට ඉහල දමා තිබෙනවා.

උප්පැන්න සහකියක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු, විවාහ ලියාපදිංචි ගාස්තු මෙන්ම ලේඛනවල නීත්‍යානුකූලභාවය සනාථ කිරීමේ ගාස්තු ද ඉහල දමා ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top