සාරිය වෙනුවට පහසු ඇඳුම්වලින් සැරසී පාසල් ආ ගුරුභවතුන්
Monday, 21 November 2022 - 13:22 | Views - 664
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බව යි.
ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉකුත් දිනක දී ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගෙන්, හිරු නිවුස් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ, අදාළ තීරණය කිසිදු ගුරු සංගමයක බලපෑමෙන් සිදු වූවක් නො ව රාජ්‍ය පරිපාලනයට අදාළ 5/2022 චක්‍රලේකයට අනුව ගුරුවරුන්ට ඇති අයිතියකට අනුව සිදු කරන ක්‍රියාවක් බව යි.
Share This Article