ජනතාවට ඕන ''යකා'' එක්ක හරි - රට ගොඩගන්න
Monday, 21 November 2022 - 11:41 | Views - 514
ජනතාවට දැන් අවශ්‍ය වන්නේ "යකා'' එක්ක එකතු වෙලා හෝ ආර්ථිකය ගොඩනගන්න යැයි නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළා වගේ වැඩක්, බව කී නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, ජරා පක්ෂ සමඟ එකතු වී රට ගොඩනගන්න සූදානම් නැතැයි විපක්ෂ නායකවරයා කියන බවත් ඡන්ද තියා ජන වරම් ගන්නකොට රටේ ඉන්න මිනිස්සුන්ට වෙන්න තියෙන දේ සිදුවී හමාර බවත් ය.
Share This Article