සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා 5,000කට වැඩි පිරිසක් ඩුබායි ගිහින්
Monday, 21 November 2022 - 9:56 | Views - 596
සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් 5,000කට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගිය ඇතැම් පිරිස් සිය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කිරීමත් සමඟ මේ වන විට එම ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු සහ උප තැරැව්කරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

කෙසේ වෙතත් දැනට ඩුබායි රාජ්‍ය වෙත ගොස් විවිධ සිද්ධීන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන හරහා කටයුතු කරන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කියා සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top