දුම්රිය කාල සටහන වෙනස් වෙයි
Sunday, 20 November 2022 - 17:16 | Views - 635

දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.
ඒ අනුව, දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී තිබෙන බව සඳහන්.
ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් ද සිදු වී තිබෙනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළ වාර්තාවක් ලබන 24 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාවෙන් අනතුරුව නව දුම්රිය කාල සටහනක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ඉදිරියේ දී නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතය.
මගී ජනතාවගේ පහසුව සඳහා ජී.පී.එස්.තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම්රිය ගමන්ගන්නා ස්ථානය පිළිබඳව මෙම නව දුරකථන යෙදවුම මගින් දැනගත හැකි බවටත් සඳහන්.
Share This Article