දුම්රිය කාල සටහන වෙනස් වෙයි
Sunday, 20 November 2022 - 17:16 | Views - 636
දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.

ඒ අනුව, දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී තිබෙන බව සඳහන්.

ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් ද සිදු වී තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ වාර්තාවක් ලබන 24 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාවෙන් අනතුරුව නව දුම්රිය කාල සටහනක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ අතර, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ඉදිරියේ දී නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතය.

මගී ජනතාවගේ පහසුව සඳහා ජී.පී.එස්.තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම්රිය ගමන්ගන්නා ස්ථානය පිළිබඳව මෙම නව දුරකථන යෙදවුම මගින් දැනගත හැකි බවටත් සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top