උප්පැන්න සහතිකයේ වෙනසක් - හැදුනුම්පත් අංකයත් උපතේදීම
Sunday, 20 November 2022 - 12:30 | Views - 3,908
මෙතෙක් පැවති උප්පැන්න සහතිකය අලුත් කිරීමට තීරණය කර තිබෙනවා.
රෙජිස්ට්රාර් ජනරාල් ප්රභාත් අබේවර්ධන සඳහන් කළේ, මෙතැන් පටන් උපත ලබන සෑම දරුවෙකුටම ලබා දෙනු ලබන උප්පැන්න සහතිකයේ ඔවුන් වැඩිවියට පත්වීමේදී ලබාදෙන හැදුනුම්පත් අංකය ඇතුලත්ව පවතින බවයි.
එසේම, නව උප්පැන්නය තුල පියාගේ, පියාගේ විස්තර ඇතුලත් නොවන අතර , මව්පියන් විවාහකද යන්න සඳහන් තීරයත් ඉවත් කොට තිබෙනවා.
එසේම, නව විස්තරයක් ලෙසට ජාතිකත්වය ඇතුලත් බවයි සඳහන් වන්නේ.
තවද, තම කැමැත්ත අනුව ඕනෑම පුද්ගලයෙකුට තම ජාතිය ඇතුලත් නොකොට ශ්රී ලාංකික යනුවෙන් නව තීරයේ දැක්විය හැකි බවද රෙජිස්ට්රාර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article