2024දී IT රැකියා ලක්ෂ 3ක්
Saturday, 19 November 2022 - 17:03 | Views - 866
2024දී තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 3ක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කරනවා.
ඊට අමතරව එම වසරේදී (2024) තොරතුරු තාක්ෂණ අංශයේ නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද මෙම රැකියා සංඛාව උත්පාදනය වන්නේ ඒ අනුව බව ද තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කර තිබෙනවා.
මෙම නව ව්‍යාවසායකයන්ට ආරම්භක අවස්ථාවේ සිට මූල්‍ය තාක්ෂණික පුහුණුව උපදේශන සේවා හා වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහය වන බව ද එම නියෝජිතායතනය නිකුත් කර ඇති නිවේදනයක දක්වා තිබෙනවා.
Share This Article