ඇමති ප්‍රසන්නගේ කෝපය ඇවිස්සු - ''කපුටා'' ආමන්ත්‍රණය
Saturday, 19 November 2022 - 16:27 | Views - 325
මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කැත පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

"ඔයා කතා කරන මන්ත්‍රීතුමාත් කාලයක් කපුටා පස්සේ ගියා" යැයිද ඔහු එහිදී සඳහන් කිරීමට අමතක කලේ නෑ.

ඇමති ප්‍රසන්න මෙසේ පැවසුවේ අයවැයට පෙර කපුටා ලංකාවට එන බවට සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

එසේම, අද මෙතන කතාකරන මන්ත්‍රීවරුන්ගේ පියවරුන් ඇතුළු ඥාතීන් මේ පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ අය වගකීම ඉටු කළා නම් රටට මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත් මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, පසුගිය දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව බලා පිටත් වුණා.

ඔහු එළැඹෙන ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් ඊයේ සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ පෙරේදා රාත්‍රියේ ඇමරිකාවෙන් පිටත් වී ඇති අතර, නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයට පෙර කළාක් මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරනු ඇතැ යි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top