බිලියන 3.5කට මුඛ රෝග
Saturday, 19 November 2022 - 13:52 | Views - 947

ලොව පුරා බිලියන 3.5 ක ජනතාවක් මුඛ රෝගවලින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය ඊයේ (18) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉන් පීඩාවට පත් හතරෙන් තුනක්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන අය බවයි.
සෑම වසරකම ලොව පුරා මුඛ පිළිකා රෝගීන් 380,000 ක් පමණ හඳුනා ගන්නා අතර, සම්පූර්ණයෙන් දත් විනාශවීමට ප්‍රධාන හේතුවක් වන දරුණු විදුරුමස් රෝගය ලොව පුරා බිලියනයකට බලපාන බව ගණන් බලා ඇති බවයි එම වාර්තාවේ සඳහන්.
ගෝලීය මුඛ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රටවල් 194 පුරා ප්‍රධාන ක්ෂේත්‍ර සහ දත්ත මගින් සිදුකළ සමීක්ෂණයට අනුව පසුගිය වසර 30 තුළ රෝගීන් බිලියනයකින් වැඩි වී ඇති බවයි එම වාර්තාවෙන් දක්වා ඇත්තේ.
ලොව පුරා ඇති එකම පොදු රෝගය වන දත් දිරායාම බිලියන 2.5 ක ජනතාවකට බලපා තිබෙනවා.
වඩාත් සුලභ මුඛ රෝග ලෙස දන්ත කුහර මගින් ඇතිවන අතර, විදුරුමස් රෝග, දත් විනාශවීම සහ මුඛ පිළිකා වඩාත් සුලභ මුඛ රෝග වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊට ප්‍රධාන හේතුව බොහෝ දෙනෙකු රෝග වළක්වාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොවීම බවයි.
අඩු ආදායම්ලාභීන් සහ ආබාධ සහිත පුද්ගලයින්, තනිව හෝ රැකවරණ පහසුකම්වල ජීවත් වන වැඩිහිටි පුද්ගලයින්, දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රජාවන්හි සිටින අය, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සුළුතර කණ්ඩායම්වලට අයත් පුද්ගලයින් මුඛ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව එහි සඳහන්.
අත්‍යවශ්‍ය මුඛ සෞඛ්‍ය සේවාවලින් ආවරණය වී ඇත්තේ ගෝලීය ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයක් පමණක් වන අතර, වැඩිම අවශ්‍යතා ඇති අයට බොහෝ විට අවම වශයෙන් ප්‍රතිකාර සඳහා යොමුවන බව සඳහන්.
බොහෝ විට ප්‍රතිකාර සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මුඛ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රධාන බාධක බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
අධික සීනි පරිභෝජනය, දුම්කොළ සහ මධ්‍යසාර වැනි පොදු අවදානම් සාධක ද ගෝලීය මුඛ සෞඛ්‍ය අර්බුදයට දායක වී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.
සීනි අඩු සමබර ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීම, දුම්කොළ භාවිතය නැවැත්වීම, මධ්‍යසාර පරිභෝජනය අඩු කිරීම සහ ෆ්ලෝරයිඩ් දන්තාලේප සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වැනි සාධක මගින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගත හැකි බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
අනෙකුත් විසඳුම් ලෙස ජාතික සෞඛ්‍ය සේවාවන්හි මුඛ සෞඛ්‍ය කොටසක් බවට පත් කිරීමට සහය දැක්වීම, මුඛ සෞඛය සේවා ආවරණය පුළුල් කිරීම; සහ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ පද්ධතිවලට මුඛ සෞඛ්‍ය දත්ත එකතු කිරීම සහ ඒකාබද්ධ කිරීම ද ජගත් සංවිධානය ලබාදී ඇති විසඳුම් අතර වනවා.
ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරගෙන් විමසීමක් කළා.
සාමාන්‍යයෙන් තරුණ වයසේ අවුරුදු 35 ත් 44 වයසේදී සියයට 64 ක් පමණ විදුරුමස් රෝගවලින් පෙළෙන අතර, එය, අවුරුදු 65 ත් 74 ත් අතර සියයට 57 ක් බවයි ඔහු කියා සිටියේ.
පිළිකාවලින් මරණයට පත්වන්නන් අතර වැඩිම පිරිසක් මුඛ පිළිකා රෝගීන් බවයි දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article