රියදුරු බලපත්‍ර නිකුත් කිරීමටත් සිමාවක්
Friday, 18 November 2022 - 15:06 | Views - 3,516

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පසුගිය දිනවල එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය ලබා දෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අද (18) සඳහන් කළා.
කෙසේ වෙතත්, එක්දින සේවය දිනකට රියදුරු බලපත්‍ර 50 කට සීමා කළ ද හදිසියේ විදේශගත වීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමු කර එකී කරුණු සඳහා මූලිකත්වය ලබා දෙන බවද නිශාන්ත වීරසිංහ සඳහන් කර තිබෙනවා.
එසේම, සෙසු අයදුම්කරුවන්ට සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍ර අයදුම් කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
තවද, ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 1800 ක් පමණ මේ වන විට දිනකට මුද්‍රණය කරන බව කී කොමසාරිස්වරයා පැවසුවේ මුද්‍රණ යන්ත්‍රවල සහ සේවක ධාරිතාව අනුව දිනකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 2000 ක් පමණ වන බවයි.
කෙසේ වෙතත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් හිඟයකින් තොරව තිබූ කාලයේ එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළ බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article