ට්විටර් කාර්යාලය හදිසියේම දින තුනකට වැසෙයි
Friday, 18 November 2022 - 14:23 | Views - 3,075
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

සේවකයන්ට දැනුම් දී ඇත්තේ, ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව යි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව යි.

මේ අතර, ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයන් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා ඇති බව සඳහන්.

ඉන් ඔහු දන්වා ඇත්තේ, ට්විටර් සේවකයින් දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතු ව වැඩ කළ යුතු බවත් නැත හොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බව යි.

එම ප්‍රතිඥාවට සිය එකඟතාව පළ නො කරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පවසනවා.

"සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි" යනුවෙන් ඔහු තම සේවක මණ්ඩලයට දන්වා ඇති බව ද සඳහන්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top