අන්තරේ විරෝධතාවක් හේතුවෙන් අවහිර වූ මාර්ගය
Friday, 18 November 2022 - 14:04 | Views - 515
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැ යි ඉල්ලා මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනව අතර, එය නෙළුම් පොකුණ අසල සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආ‍රම්භ වුණා.

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබූ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ගේ නියමිත දින 90 අදට (18) සම්පූර්ණ වනවා.

ඊයේ ඔවුන් දෙදෙනා ව අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසු ව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් ම මෙම රඳවා තැබීම අසාධාරණ බව ප්‍රකාශ කර ඇති අතර, අන්තරේ ඇතුළු සංවිධාන තවමත් ඔවුන් දෙදෙනා ව නිදහස් කරන්නැ යි ඉල්ලා සිදු කරන සටන අතහැර නෑ.

up date...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් තුන්මුල්ල මංසන්ධියේ සිට බුලර්ස් මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top