අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැ යි ඉල්ලා මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනව අතර, එය නෙළුම් පොකුණ අසල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වුණා.ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබූ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ගේ නියමිත දින 90 අදට (18) සම්පූර්ණ වනවා.ඊයේ ඔවුන් දෙදෙනා ව අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසු ව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා.ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් ම මෙම රඳවා තැබීම අසාධාරණ බව ප්‍රකාශ කර ඇති අතර, අන්තරේ ඇතුළු සංවිධාන තවමත් ඔවුන් දෙදෙනා ව නිදහස් කරන්නැ යි ඉල්ලා සිදු කරන සටන අතහැර නෑ.
up date...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් තුන්මුල්ල මංසන්ධියේ සිට බුලර්ස් මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.