හදිසියේ නැවතුණු බස්නාහිර වාර විභාග
Friday, 18 November 2022 - 13:43 | Views - 764
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් සඳහන් කළා.

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 10 සහ 11 යන ශ්‍රේණි සඳහා මෙම විභාගය අද (18) පස්වැනි දිනට පැවැත්වෙන බව කී එම විදුහල්පතිවරයා බස්නාහිර පළාත විභාගයට යොමු කරන ප්‍රශ්න පත්‍ර දින කීපයකට පෙර සිට දරුවන් අතර සංසරණය වන බව ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, දරුවන් සතුව ප්‍රශ්න සහ පිළිතුරු යන පත්‍ර දෙකම තිබියදී විභාගයක් පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ හේතුවෙන් කොළඹ පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එසේ හෙයින් මෙම තත්වය යටතේ විභාගය පැවැත්වීමට සහ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට ගුරුවරු කාලය සහ ශ්‍රමය වැය කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවත් බව කී එම විදුහල්පතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවයි.



යොහාන් භාසුර
( උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත ඇසුරෙනි )

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top