අද සිට වැඩිවෙන ගාස්තුව (Video)
Friday, 18 November 2022 - 10:16 | Views - 5,380

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු සහ අදායම් බලපත්‍ර ගාස්තු වැඩිකරමින් විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් වන අතර, ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක්.එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.මේ අතර, ප්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දමනු ලැබුවා.මෝටර් රථයක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩිකර ඇති අතර යතුරු පැදියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 50ක්.එමෙන්ම ලියාපදිංචි වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීම රුපියල් 3,000ක ගාස්තුවක් අය කෙරෙනවා.මීට අමතරව 1600 සීසී කාණ්ඩයට අඩු සහ කිලෝවෝට් 80ට වැඩි මෝටර් රථයක් පළමු ලියාපදිංචිය සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 25,000ක්.එන්ජින් ධාරිතාව 1000ත් 1000ට අඩු ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 20,000ක් වන අතර එන්ජින් ධාරිතාව 1000ට අඩු කිලෝවෝට් 50ට වැඩි මෝටර් රථයක් සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 25,000ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.යතුරු පැදියක් සඳහා පළමු ලියාපදිංචියට අයකරන ගාස්තුව රුපියල් 3000ක්.මේ අතර, වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුවද අද සිට ඉහළ දැමීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.ඒ අනුව, මෝටර් රථ බර පන්තිවලට අනුව වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 2500 සිට රුපියල් 10,000 අතර සීමාවක් තුළයි.යතුරුපැදි සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 900 දක්වා ඉහළ දමා තිබෙනවා.මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ 2013 වසරෙන් පසුව බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ.මේ අතර අයවැයෙන් යෝජනා කළ පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළ දමා තිබුණා.එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්
Share This Article