ඌව පළාතේ රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය සියයට 30කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ දිනවල ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක් මෙලෙස රෝගින්ගේ වැඩිවිමට හේතු වී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
මෙම තත්ත්වය හමුවේ ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව ඔහු ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.