පාසල් උපකරණ , අභ්‍යාස පොත් මිලත් ඉහළට
Wednesday, 16 November 2022 - 16:29 | Views - 3,549
පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරනවා.
මේ හේතුවෙන්, ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පවසනවා.
රුපියල් 10 ක්ව පැවති පැන්සලක් රුපියල් 40 කටත්, පෑනක් රුපියල් තිහකටත්, රුපියල් පනස් පහක පැවති අභ්‍යාස පොතක් රුපියල් එකසිය විස්සේ සිටත් අලවි වන බවත් ඔවුහු සඳහන් කර සිටිනවා.
රුපියල් 1200 කට පැවති පාසල් සපත්තු සහ බෑග් රුපියල් 3000 කටත්, වතුර බෝතල් ආදී සියලු ද්‍රව්‍යයන් වල මිල දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු සඳහන් කර තිබෙනවා.
මෙයට අමතරව පාට පැන්සල්, පැස්ටල්, පැන්සල් පෙට්ටි, ආදී සියලුම ද්‍රව්‍යයන් වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article