අයවැය පාර්ලිමේන්තුවට
Monday, 14 November 2022 - 17:06 | Views - 392

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
මෙරට 77වැනි අයවැය ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන මෙම අයවැය ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත් වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද වනවා.
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7,885ක් වෙන් කිරීමට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල දැක්වෙන්නේ මෙරට ඉතිහාසයේ අයවැයක් මගින් ඇස්තමේන්තු ගත කළ ඉහළ ම වැය ශීර්ෂය ලෙසයි.
Update: 14:49
--------
ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:49
--------
ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගැනීම සඳහා පොදු සම්මුතියකට පැමිණිය යුතු බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:48
--------
රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:47
--------
බන්ධනාගාර සහ පුනරුත්ථාපන ආයතනවල සිටින රැඳවියන්ගේ සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන සියයක් වෙන්කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:46
--------
ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:45
--------
මද්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:43
--------
දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනව බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:43
--------
ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම, ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා බවත් ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:41
--------
දැනට පවතින අක්කර 4ක් වූ පොල් ඉඩම් කැබලි කිරීම අක්කරයට සීමා කරන බවත්, කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:39
--------
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:37
--------
අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටින බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:35
--------
විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:33
--------
බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:33
--------
බදු ප්‍රතිපත්තිය අඩු ලුහුඬුකම් නිවැරදි කරමින්, ආදායම් බදු හා එකතු කළ අගය මත බදු ප්‍රතිසංස්කරණ මගින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වෙන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අවධාරණය කරනවා.
Update: 14:30
--------
සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනව බවත් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:30
--------
පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරන බවත් රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරන බවත් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:28
--------
පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:27
--------
ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතු බැවින් ඒ සඳහා බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:26
--------
රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා ඒ නිසා වත්මන් යුතු වලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:25
--------
ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනව බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:24
--------
ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:23
--------
උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරන අතර විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:19
--------
වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආයතනය කොළඹ කොළඹට පමණක් සීමා වී තිබෙනවා පේරාදෙනිය රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:19
--------
ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:18
--------
කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පවසා සිටියා.
Update: 14:15
--------
ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම ඉතා අඩු මට්ටමකින් සිදු වෙනවා. ඒවා ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සකස් කරනවා. යනුවෙන් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පැවසුවා.
Update: 14:14
--------
ඩිජිටල් තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා යනුවෙන් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පැවසුවා.
Update: 14:13
-------
සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා යනුවෙන් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පැවසුවා.
Update: 14.10
-------
බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ගොඩ නැගීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරන බව ජනාධිපතිවරයා අයවැය කථාවේ දී පැවසුවා.
Share This Article