ප්‍රදේශ කිහිපයකට 24 පැයක ජල කප්පාදුවක්
Monday, 14 November 2022 - 11:34 | Views - 324
කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව මෙම ජල කප්පාදුව අනිද්දා (16) දිනයේ දී පෙරවරු 8.30 සිට පසුදා (17) පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් සිදු කෙරෙනු ඇති.
ජල සැපයුම මෙම කාලය තුළ අත් හිටවන ප්‍රදේශ වන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත නම්කර තිබෙනවා.
Share This Article