උත්සව සමයේ බිත්තර හිඟයක් ගැන රතු එළියක්
Monday, 14 November 2022 - 11:29 | Views - 280
බිත්තර මිලට පාලන මිලක් පැනවීම තුළින් බිත්තර නිෂ්පාදකයින් මේ වනවිට දැඩි අසරණතාවකට මුහුණු දී ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති පවසනවා.

රට තුළ දැඩි ආහාර අර්බුදයක් පවා නිර්මාණය වී ඇති පසුබිමක බිත්තර නිෂ්පාදනය පවා පසුගාමී ස්වභාවයක් ගැනීම තුළින් තවදුරටත් ආර්ථික අර්බුදය ඔඩුදුවන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය රජය සමයේ නිසි කලට පොහොර ලබානොදීම හේතුවෙන් ආහාර අර්බුදයකට මෙරට සමාජය ඇද වැටුණු බවත්, ගොවි ප්‍රජාව ද කබළෙන් ළිපට වැටී ඇති බවත් හෙතෙම අවධාරණය කරනවා.

බිත්තර වෙළෙඳපොළේ හිඟවීමට ප්‍රධානතම හේතුව වන්නේ එහි මිලට පාලන මිලක් රජය විසින් පනවනු ලැබීම බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එළෙඹෙන උත්සව සමයේ දී බිත්තර හිඟවීම තුළින් නුදුරේ දී බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරවලින් පවා ඈත්වීමට ද ඉඩකඩ ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top