2023 අයවැය අද පාර්ලිමේන්තුවට
Monday, 14 November 2022 - 11:26 | Views - 821
ලබන වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ඒ, මෙරට 77 වැනි අයවැය ලේඛනය ලෙසින්.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පස්වරු 1.30ට ලබන වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අයවැයෙන් රජයේ වියදම් ඇස්මේන්තුව රුපියල් බිලියන 7,885ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 29.2%ක වැඩිවීමක් වන අතර, 2022 වර්ෂයට අදාළව ඉදිරිපත් කෙරුණු අයවැයේ රජයේ වියදම් ඇස්තමේන්තුව දැක්වුණේ රුපියල් බිලියන 6,100ක් ලෙසයි.

පසුගිය වසරට වඩා රුපියල් බිලියන 1,785ක වැඩිවීමක් සමඟින් මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන්නේ රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන අවස්ථාවකයි.

පුනරාවර්තන වියදම්, සහනාධාර සහ වැටුප් සඳහා රුපියල් බිලියන 2,442ක් වෙන් කර තිබෙන අතර, ප්‍රාග්ධන වියදම් ලෙසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1,221ක්.

නව ඉදිකිරීම් සහ නිම කර ඇති ඉදිකිරීම් සඳහා ගෙවීමට ඇති මුදල්, ප්‍රාග්ධන වියදම්වලින් පියවීමට නව අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ලබන වසරට අදාළ අයවැය ලේඛනයෙන් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ණය වාරික සහ පොළී ගෙවීම සඳහා වන අතර, එම ප්‍රමාණය රුපියල් බිලියන 4,218ක්.

සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක්, අධ්‍යාපනයට රුපියල් බිලියන 504ක්, සෞඛ්‍යයට රුපියල් බිලියන 432ක් සහ ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 410ක් වෙන් කර තිබෙනවා.

පසුගියදා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය හැරුණු කොට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වී ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති.

අද ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට සිට 22 වනදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වනදා පස්වරු 5ට පැවැත්වීමට නියමිත අතර, මේ මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇති.

දෙසැම්බර් 08 වනදා පස්වරුවේ අයවැය තුන්වනවර කියවීම හෙවත් අවසන්වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

යම් හෙයකින් රජය අයවැය පරාජය වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 (2) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය යුතුයි.

එසේ වුවහොත්, මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු, විදේශ ණය වාරික සහ විශ්‍රාම වැටුප් ගෙවීම හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට රජයට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මේ අතර මෙවර අය - වැය මගින් ප්‍රාග්ධන වෙළඳපළ, අපනයන වෙළඳපළ, ශ්‍රම වෙළඳපොළ සහ ඩිජිටත් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති අතර සමාජ වෙළඳපළ ආර්ථිකය ඔස්සේ අය - වැය ඉලක්ක සපුරාගැනීමට නියමිතයි.

නව ලෝකයට ගැලපෙන අලුත් අර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන් සඳහා යහපත් රටකට අවශය නව වැඩපිළිවෙලක් අයවැය යෝජනා ඔස්සේ නිර්මාණය කිරීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top