අනියම් බිරිඳ බැලීමට ගිය තරුණයාට අත්වුණු ඉරණම !
Sunday, 13 November 2022 - 15:18 | Views - 4,765
අනියම් බිරිඳ මුණගැසීමට ගිය පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් රත්නපුර - හීදැල්ලන ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඊයේ අලුයම රත්නපුර පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ රත්නපුර - හීදැල්ලන ප්‍රදේශයේදී තරුණයෙකුට ගසක බැඳ අමානුෂික ලෙස පහර දී ඇති බවටයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් පැය කිහිපයකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගියේ 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු හීදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මුණගැසීමට ගිය අවස්ථාවේ සැමියා විසින් පහර දී ගසක ගැට ගසා ඇති බවටයි වැඩිදුර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top