රටම කතාවෙන, පොලිස් විනය !
Sunday, 13 November 2022 - 10:06 | Views - 582
සාමකාමී සහ නිසි අනුගත වීම් මත සිදු කරන විරෝධතා වලක්වමින්, නිරායුධ සිවිල් ජනයාට පහරදීමත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමත් පොලිසිය දිගින් දිගටම සිදු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.

ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බවයි ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වාදෙන්නේ.

මෙහි උච්චතම අවස්ථාව වන්නේ කළුතර සිට කොළඹට පා ගමනින් විරෝධතා දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස් අත් අඩංගුවට ගැනීමයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම කාන්තාවන් දෙදෙනා සිය විරෝධතා පා ගමන සිදු කළා.

එහිදී එම පා ගමනට වාද්දූව සහ පානදුරේ දී බාධා සිදු කළ පොලිසිය ගොරකපොල ප්‍රදේශයේ දී එම කාන්තාවන් දෙදෙනාව අත් අඩංගුවට ගැනුණා.

මේ අතර මෙම සිදුවීම සහ තවත් සිදුවීමක් හුවා දක්වමින් සාලිය පීරිස් සඳහන් කරන්නෙ, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින්.

මෙලෙස කිසියම් කාරණයකට හෝ කාන්තාවන් හිංසනයට ලක් කිරීම, පීඩාවට පත් කිරීම මෙන්ම සාමකාමී විරෝධතාවලටත් නිරායුධ සිවිල් වැසියන්ටත් පදනම් විරහිතව මිලේච්ඡත්වය පෙන්නුම් කරමින් පහරදීම පොලිසියේ නින්දිත ක්‍රියාවක් බවයි සාලිය පීරිස් අවධාරණය කර ඇත්තේ.

පොලිසියේ විනය පිරිහීම මෙවන් සිදුවීම්වලින් වැඩිදුරටත් ගම්‍ය වන බව ද ඔහු සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top