වියට්නාම මුහුදු තීරයේ දී අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයින් සරණාගත කඳවුරකට
Saturday, 12 November 2022 - 15:56 | Views - 452

වියට්නාම - සිංගප්පූරු මුහුදු සීමාවේදී අනතුරට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා වියට්නාමයේ සරණාගත කඳවුරක් වෙත රැගෙන විත් තිබෙනවා.
ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ධීවර යාත්‍රාව වියට්නාම් - සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්වුණේ පසුගිය සඳුදායි.
එම යාත්‍රාවේ සිටි ලාංකිකයින්ගේ දැනුම්දීම මත මෙරට නාවුක මුදා ගැනීමේ මෙහෙයුම් මැදිරිය කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
හරහා වියට්නාම නාවුක මුදා ගැනීමේ මැදිරිය වෙත දැනුම් දී ඔවුන් බේරා ගැනීමට කටයුතු කළා.
ඒ අනුව අනතුරට පත් ධීවර යාත්‍රාව ආසන්නයේ යාත්‍රා කරමින් තිබු ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් නෞකාව වෙත ලබා දුන් දැනුම්දීමකට අනුව සිදුකළ
ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව අනතුරට පත් යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් 264ක්, කාන්තාවන් 19 දෙනෙකු සහ ළමුන් 20 දෙනෙකු මුදා ගැනීම සිදු කෙරුණා.
ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර එම ශ්‍රී ලාංකිකයින් 303 දෙනා වියට්නාම ආරක්ෂක අංශ භාරයට පත් කිරීමෙන් අනතුරුව එහි
සරණාගත කඳවුරක මේ වනවිට රඳවා ඇති බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් සරණාගත කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් හිරු ප්රවෘත්ති වෙත අදහස් පළ කර සිටියා.
''අපි දැන් ඉන්නේ වියට්නාමයේ සරණාගත කඳවුරක.. අපි ලංකාවේ ඉඳලා ඇවිල්ලා මුහුද මැද අතරමං වුණා.. ඒ වෙලාවේ අපිව අරන් ආපු අයත් අපිව දාලා
ගියා.. අපි ජාත්‍යන්තර මුහුදේ අතරමං වෙලා ඉන්න කොට ජපන් නෞකාවක් ඇවිත් අපිව බේරගත්තා.. එයාලා බේරගන්න අවස්ථාවේදී අපිට කිව්වේ අපිව UN
එකට භාර දෙනවා කියලා.. ඒ කාලය තුළ දී වියට්නාම නාවික හමුදාවෙන් ඇවිත් අපිව වියට්නාමයට අරගෙන ගියා.. අපිව අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ
එයාලා කොහොම හරි අපිව බේරගත්තා.. අපිට ලංකාව නම් එපා.. ලංකාවේ ඉන්න බැහැ කියලා තමයි අපි මේ අනාරක්ෂිත ගමන ආවේ..අපිට ලංකාවේ
ඉන්න බැහැ.. අපිව මුහුදෙදී බේරගත් ජපානයට අපි අනේකවාරයක් ස්තූති කරනවා.. අපිව ලංකාවට යවන එකනම් කරන්න එපා...''
Share This Article