මිල්ලණියේ පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියට පොලිස් ස්ථානාධිපතිට මාරුවක්
Saturday, 12 November 2022 - 12:20 | Views - 234
මිල්ලණිය ප්‍රදේශයේ පාසක ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලණිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින්.

ඔහු මිල්ලණිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිල්ලනිය - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ මේ වන විට තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද සිදු කරන බවයි.

සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනෙකු පුස්තකාල ශාලාවට ගෙන ගොස් දණ ගස්වා ඔවුන්ගේ පාදවලට හා විලු‍ඹට වේවැල් වලින් සහ ලී පතුරුවලින් පහර දී ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබුණා.

පසුව පොලීස් ජීප් රථයක් පාසැල තුළට ගෙන්වා ගෙන අදාළ සිසුන් පොලීසියට භාර දී ඇති අතර, එහිදී සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන ”‍වෝකිටෝකි‘ ගමන් කථන යන්ත්‍රවලට විදුලිය සපයන විදුලි රැහැන්වලින් අදාළ දරුවන්ගේ දණිස් පුළු‍ස්සා ඇති බවයි අනාවරණ වුණේ.

මේ අතර හුංගම - දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ 49 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු අගුණුකොළපැළැස්ස මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර අරණායක ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සිදු කළ වැඩසටහනක් අතරතුර විනය විරෝධී සහ අපකීර්තිමත් හැසිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ නාරංගල, යෝධගම සහ ගල්අතර යන වසම් වල ග්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top