ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් ගිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
නමුත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව, ඊයේ සිදු වූ ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු වැඩීමකට බල නොපාන බව පවසන ලංකා පෞද්ගලික බස් ගිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ යළිත් මෙවැනි ආකාරයේ ඩීසල් මිල වැඩි වීමක් සිදු වුවහොත් බස්ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15න් වැඩි කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.