දියවන්නාව නැරඹීමට එන දරුවන්ට - කිරි වීදුරුවක් නොමිලේ
Wednesday, 09 November 2022 - 14:45 | Views - 635
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසනවා.

මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වයයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන් සහ ගරු සාගර කාරියවසම් මෙම විශේෂ කමිටුව සදහා පත් කළ බවද මහලේකම්වරයා සඳහන් කළා.

දැනට පවතින ස්ථාවර කාරක සභා වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව යන කමිටුවල කාර්යයන්ම මෙම නව ස්ථාවර කාරක සභාවල විෂය පථයට පැවරී ඇත්ද යන්න විශ්ලේශනය කොට සංශෝධන අවශ්‍යනම් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුවනු ඇති.

මේ අනුව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වී මෙම නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

තවද 2023 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ රාත්‍රී 7 දක්වා විවාදය පැවැත්වෙනු ඇති අතර පෙර තීරණය කළ පරිදි දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5ට තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මේ අතර දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top