ස්ත්රී දූෂණ චෝදනාවකට ලක්ව අත් අඩංගුවට ගෙන සිටින ධනිෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධ නඩුව අද යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමටත් සූදානම් බව වාර්තා වෙනවා.
ප්රධාන නඩුවේ ඇති පරස්පරතාවයන් පවතින බවත් එම පරස්පර බව ඔහුට වාසියක් බවයි ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති ප්රධානි නීතිවේදී ආචාර්යය චානක සේනානායක පවසන්නේ.
ඔහු තවදුරටත් පවසන පරිදි මේ තරුණිය හමුවී ඇත්තේ බදාදා දිනයි. නමුත් ඇය පැමිණිලි කරන්නේ සෙනසුරාදා දිනයි. අදාළ සිදුවීම බලහත්කාරකමක් ද යන කරුණ පරස්පර බවට එයත් හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම ධනුෂ්ක ගුණතිලක තවමත් අවිවාහක වයස අවුරුදු 31ක අයෙක් බවත් ඔහුට පවතින නිදහස පිළිබඳවත් තවදුරටත් අදහස් දක්වා තිබුණා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....