විශ්‍රාම යෑමක් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ගැටළුකාරී තත්ත්වයක්
Sunday, 06 November 2022 - 14:53 | Views - 640
සුරාබදු දෙපාර්තමේන්තුවේ පළපුරුදු උසස් නිලධාරීන් 21 දෙනෙකු මේ වසර අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිතව ඇතැයි වාර්තා පෙන්වා දෙනවා.

මේ පිරිසට එසේ විශ්‍රාම ගැනීමට සිදුව ඇත්තේ රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩු කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් බවටයි සඳහන් වන්නේ.

උසස් නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙලෙස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑමට දැඩි බාධාකාරී තත්වයක් මතු වනු ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත්, වසර අවසානයේදී මෙලෙස විශ්‍රාම යෑමට නියමිතව සිටින පිරිසට අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්, සුරාබදු කොමසාරිස්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්, සහකාර සුරාබදු කොමසාරිස් සහ සුරාබදු අධිකාරි යන නිලයන් දරන අය ද ඇතුළත් බවටයි වැඩිදුරටත් සඳහන්.

මේ වන විට පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම්දී ඇතත් ඒ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියා.

එසේම, මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද එම රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. 

( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top